May 08, 2024

ජය ගැනීමට නවසීලන්තයට ලකුණු 288ක ඉලක්කයක් 

නවසීලන්තය සමග පැවැත්වෙන එක්දින ක‍්‍රිකට් තරගාවලියේ 7වන සහ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ‍්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50දී කඩුලු 6ක් දැවී ලකුණු 287ක් රැස්කර ගැනිමට හැකිවිය.

පිළිතුරු ඉනිම ක‍්‍රීඩා කරන නවසීලන්ත කණ්ඩායම පළමු පන්දුවාරය අවසානයේදී එක් කඩුල්ලක් දැවී ලකුණු 2ක් ලබාගෙන සිටි.

ශ‍්‍රී ලංකා ඉනිමේදී වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස්කර ගත්තේ කුමාර් සංගක්කාරයි. පන්දු 105කට මුහුණදෙමින් ඔහු ලබාගත් ලකුණු සංඛ්‍යාව 113කි. එය කුමාර් සංගක්කාර සිය එක්දින ක‍්‍රිකට් දිවියේ  21වන ශතකය ද වේ.

Rate this item
(0 votes)
Last modified on Thursday, 29 January 2015 11:51