May 17, 2024

ඇන්ජලෝ මැතිව්ස් පෙරමුණට

එක්දින ක‍්‍රිකට් තුන් ඉරියව් ක‍්‍රීඩකයින් අතර පෙරමුණ ගැනීමට ශ‍්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් සමත් වී ඇත. ඔහුට හිමි ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 407කි.
 
 අන්තර් ජාතික ක‍්‍රිකට් කවුන්සිලය ප‍්‍රකාශයට පත්කල නවතම එක්දින තුන් ඉරියව් ක‍්‍රිකට් ක‍්‍රීඩකයින්ගේ ලැයිස්තුවේ දෙවන ස්ථානයට පත්ව ඇත්තේ ශ‍්‍රී ලංකාවේම තිලකරත්න ඩිල්ෂාන්. ඔහුට හිමි ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 404ක්. 
 
මේ දිනවල නවසීලන්තයේ පැවැත්වෙන එක්දින තරගාවලියේදී ඔවුන් දැක්වූ දක්ෂතා මීට හේතු වී තිබෙනවා. මේ අතර එක්දින පිතිකරුවන්ගේ ලැස්තුවේ සිව්වන හා පස්වන ස්ථාන හිමිව ඇත්තේද මැතිව්ස් හා ඩිල්ෂාන්ට වේ. 
 
Rate this item
(0 votes)