May 17, 2024

සනත් අභිබවා සංගා ඉදිරියෙන්

ජාත්‍යන්තර එක්දින පිටියේ වැඩිම ලකුණු ලභීන් අතර තෙවැනි තැනට පත්වීමට ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර අද (20) සමත්විය. ඒ සත්කාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව පැවැති සිවුවැනි තරගයේදී ලකුණු 76ක් රැස්කර ගනීමින්.
 
ඒ  අනුව සංගා ලකුණු 13490ක් රැස්කරගෙන සිටින අතර, ලකුණු 13430ක් රැස්කරගෙන සිටි සනත් සිවුවැනි ස්ථානයට පත්විය.
 
එක්දින පිටියේ වැඩිම ලකුණු රැස්කළ ශ්‍රී ලංකා පිතිකරු බවටද සංගා පත්විය.
 
එක්දින පිටියේ වැඩිම ලකුණු ලාභියා වන්නේ ඉන්දියාවේ සචින් තෙන්ඩුල්කාර්ය. ඔහු ලකුණු 18426ක් රැස්කරගෙන සිටියි.
 
රිකී පොන්ටින් ලකුණු 13704ක් රැස්කරගෙන දෙවැනි ස්ථානයේ සිටියි.
 
Rate this item
(0 votes)