May 17, 2024

නවසීලන්ත ශ්‍රී ලංකා ක්‍රිකට් ගැටුම උණුසුම්

නවසීලන්ත කණ්ඩායම සමග දැන් පැවැත්වෙන සිව්වැනි එක්දින ක‍්‍රිකට් තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ඉනිම මිට නොබෝ වේලාවකට පෙර අවසන් විය.
 
 පන්දුවාර 49යි පන්දු 03ක දී ශ‍්‍රී ලංකා පිතිකරුවන් සියලූ දෙනා දැවි රැස්කළ ලකුණු සංඛ්‍යාව 276කි.
 
 ශ‍්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වු මහේල ජයවර්ධන ලකුණු 94ක් රැස්කළා. පන්දු 82කට මුහුණ දුන් මහේල 04 පහර 09කින් සහ 06 පහර 03කින් සිය ඉනිම නිමා කරවිය. 
 
කුමාර් සංගක්කාර ලකුණු 76ක් රැස් කළ අතර ටී.එම්. ඩිල්ෂාන් ලකුණු 44කට දැවිගිය අතර පිළිතුරු ඉනිම සඳහා ලකුණු 277ක ඉලක්කයක් හඹායන නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 05 ක් අවසානයේ එක් කඩුල්ලක් දැවි ලකුණු 24ක් ලබා ගෙන සිටි. 
 
Rate this item
(0 votes)