May 17, 2024

කොදෙව්වන් පරදා දකුණු අපි‍්‍රකාව ජය හිමිකර ගනී

දකුණු අපි‍්‍රකාව සහ  බටහිර ඉන්දීය කොදෙව්වන් අතර ඊයේ(18) පැවැති එක්දින කි‍්‍රකට් තරගය දකුණු අපි‍්‍රකාව ලකුණු 148කින් ජය හිමිකර ගැනිමට සමත් විය. දෙපිල අතර තරග 5කින් යුත් තරගාවලියේ දෙවැන්නද වූ මෙම තරගය පැවැත්වුණේ දකුණු අපි‍්‍රකාවේ ජොහැන්නස්බර්ග් නුවර නිව් වොන්ඩර්ස් කී‍්‍රඩාංගණයේදී ය. පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අපි‍්‍රකාව නියමිත පන්දුවාර 50 දී කඩුලූ 2ක් දැවී ලකුණු 439ක් රැස් කරගෙන තිබේ. 
 
පිළිතුරු ඉනිම කි‍්‍රඩා කළ බටහිර ඉන්දීය කොදෙව්වන් නියමිත පන්දුවාර 50දී කඩුලූ 7ක් දැවී රැස්කර ගත්තේ ලකුණු 291ක් පමණයි. සුපිරි පිතිහරඹයක යෙදුණු ඒ.බී ඩිවිලියර්ස් පන්දු 44කදී ලකුණු 149ක් ලබාගෙන ඇත. ඒ එක්දින කි‍්‍රකට් ඉතිහාසයේ වේගවත්ම අර්ධ ශතකය සහ වේගවත්ම ශතකයද ද වේ. හයේ පහර 16ක් සහ හතරේ පහර 9ක්ද ඔහුගේ ඉනිමට ඇතුළත් විය. මීට අමතරව හෂීම් අම්ලා පන්දු 142කදී නොදැවී ලකුණු 153ක් ලබාගත් අතර රිලී රොසොව් පන්දු 115කදී ලකුණු 128ක් ලබා ගත්තා. දෙපිල අතර පැවැති පළමු තරගයද ජය ගත්තේ දකුණු අප‍්‍රිකාවයි.
 
Rate this item
(0 votes)