May 17, 2024

වේගවත්ම අර්ධ ශතකය මෙන්ම ශතකයත් ඩිවිලියර්ස්ගෙන්

එක්දින ක්‍රිකට් පිටියේ වේගවත්ම අර්ධ ශතකය මෙන්ම වේගවත්ම ශතකය වාර්තා කිරීමට දකුණු අප්‍රිකාවේ නායක ඒ.බී. ඩිවිලියර්ස්  සමත් විය. ඒ කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැති එක්දින තරගයේදීය.

ඩිවිලියර්ස් එක්දින අර්ධ ශතකය පන්දු 16 කින් වාර්තා කළ අතර එක්දින ශතකය පන්දු 31කින් වාර්තා කිරීමට සමත් විය.

ලොව වේගවත්ම අර්ධ ශතකයට මීට ඉහතදී හිමිකම් කීවේ ශ්‍රී ලංකාවේ සනත් ජයසූරියයි. එය පන්දු 17කින් වාර්තා කර තිබුණි.

Rate this item
(0 votes)
Last modified on Sunday, 18 January 2015 20:15