May 17, 2024

විස්සයි 20 සේ කාන්තා පිළට ජයක්

පාකිස්ථානය සමඟ පැවති පළමු විස්සයි විස්ස තරඟයෙන් ලකුණු 8 ක තියුණු ජයක්ලැබීමට ශ‍්‍රී ලංකා කාන්තා කි‍්‍රකට් පිල ඊයේ (15) සමත් විය.

සාජාහි පැවතිමෙම තරඟයේදී කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ‍්‍රී ලංකා කාන්තා කි‍්‍රකට් පිල සිය පන්දුවාර 20 තුළදී කඩුලූ 5 ක් දැවී ලකුණු 151ක්රැස් කිරීමට සමත් විය. පාකිස්ථාන කාන්තා කි‍්‍රකට් පිල සිය පන්දුවාර 20 තුලදී කඩුලූ 8 ක් දැවී ලබා ගත්තේ ලකුණු 143 ක් පමණයි.

ඩිලානි මනෝදරා එහිදී නොදැවී ලකුණු 50 ක් දනායිකාචමරි අතපත්තු ලකුණු 31ක් ලබාද ලබා ගත්හ.

ඉනෝකා රණවීර සහ අමා කාංචනා කඩුලූ 2බැගින් බිඳ හෙලූහ. මේ අනුව ශ‍්‍රී ලංකා සහ පාකිස්ථාන කාන්තා කි‍්‍රකට් කණ්ඩායම් අතර පැවැත්වෙන තරඟ 3 කින් යුත් විස්සයි විස්ස තරඟාවලියේ එකට බින්දුවක් ලෙස ඉදිරියෙන් සිටීමට ශ‍්‍රී ලංකා කාන්තා කි‍්‍රකට් පිලට හැකි වී තිබේ.

Rate this item
(0 votes)