May 17, 2024

තෙවැනි වරටත් රොනාල්ඩෝ ඉදිරියෙන්

2014 වසරේ පාපන්දු ක්‍රීඩකයාට හිමි සම්මානය තෙවැනි වතාවටත් හිමිකර ගැනීමට පෘතුගාලයේ සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමත් විය.
 
මෙවර ඔහු එම සම්මානය හිමිකරගනු ලැබුවේ පිටපිටම දෙවැනි වතාවට වීම විශේෂත්වයකි.  2013 වසරේ පාපන්දු ක්‍රීඩකයාට හිමි සම්මානය හිමිවූයේද රොනාල්ඩෝටය.
 
අවසන් වටයේදී මැනුවෙල් නෙයුර් හා ලයනල් මෙසී පරාජය කරමින් රොනාල්ඩෝ මෙම සම්මානයට හිමිකම් කීවේය. 
 
වසරේ පාපන්දු ක්‍රීඩිකාව වූයේ ජර්මන් කණ්ඩායමේ නදීන් කෙස්ලෙර්ය.
 
Rate this item
(0 votes)