May 17, 2024

ශ්‍රි ලංකාව දෙවැනි ටෙස්ට් තරඟයත් පරදී

ශ්‍රි ලංකාව හා නවසීලන්තය අතර ක්‍රයිස්චර්ච්හිදී පැවැති ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියේ ජය 2-0 ලෙස නවසීලන්තය ජයග්‍රහණය කළේය.

පළමුවන ඉනිමේදී නවසීලන්ත කණ්ඩායම සියල්ලන්ම දැවී ලකුණු 221 ක් ලබා ගත්තේය. ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩාකල ශ්‍රී ලංකා කණ්ඩායම සියල්ලන්ම දැවී ලකුණු 356 ක් ලබාගත්තේය.

දෙවැනි ඉනිම ක්‍රීඩා කල නවසීලන්ත කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 524 ක් ලබාගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩාකල ශ්‍රී ලංකා කණ්ඩායම සියල්ලන්ම දැවී රැස්කරගැනීමට හැකිවූ ලකුණු සංඛ්‍යාව 196 කි.

ඒ අනුව 193 ක පහසු ජයක් නවසීලන්ත කණ්ඩායම හිමිකරගත්තේය.

Rate this item
(0 votes)