May 17, 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති 'ඒ' පිලේ කළමනාකරුට පරාදයි

බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයේ වාර්ෂික නිළවරණයේදී  එහි සභාපති ධූරයට තරඟ වැදුන වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපතිවරයා වන ජයන්ත ධර්මදාස මහතා පරාජය වී තිබේ.ඔහුගේ ප්‍රතිවාදී තරඟකරුවා වූ ශ්‍රී ලංකා 'ඒ' කණ්‌ඩායමේ කළමනාකරු ජයන්ත සෙනෙවිරත්න මහතා 74යි 20ක් ලෙස වැඩි ඡන්දයෙන් ජයගෙන ඇත.අදාළ ජන්ද විමසීමේදී ජයන්ත සෙනවිරත්න මහතා ජන්ද 80 ක්‌ ලබාගන්නා අතරවාරයේ ජයන්ත ධර්මදාස මහතාට හිමිවූයේ ජන්ද 27 ක්‌ පමණි. 
 
මෙවරත් සභාපති ධුරය සඳහා ඉදිරිපත්වීමට බලාපොරොත්තුවෙන් සිටි හිටපු සභාපති හිරන්ත පෙරේරා මහතා ඒ සඳහා ඉදිරිපත්වීම අධිකරණය නියෝගයකින් වාරණයකට ලක්‌වීමෙන් පසු එම පාර්ශ්වයේ පූර්ණ සහයෝගය ජයන්ත සෙනවිරත්න මහතාට හිමිවිය.
 
Rate this item
(0 votes)