May 09, 2024

ලෝක කුසලාන සංචිතයෙන් අබ්දුර් රසාක් හැළේ

නවසීලන්තයේදී ලබන පෙබරවාරී මස 14 වැනිදා ආරම්භ වන ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන 15 දෙනකුගෙන් යුත් බංග්ලාදේශ සංචිතයට ප‍්‍රබල පිතිකරුවකු වන නසීර් හොසේන් සහ තුන් ඉරියව් ක‍්‍රීඩකයකු වන සෞම්‍යා සාකර් කැදවා සිටිති.

 බංග්ලාදේශ තේරීම් කමිටු ප‍්‍රධානී ෆාරුක් අහ්මඞ් මහතා පවසන්නේ කණ්ඩායමේ පිතිහරඹය ශක්තිමත් කිරීමට නසීර් හොසේන් කැදවූ බවත් මද වේග පන්දු යවන සෞම්‍යා සාකර් ඉදිරි පෙළ පිතිකරුවකු ලෙසද යොදා ගැනීමේ හැකියාව ඇති බවත්ය.

 

 තුන් ඉරියව් ක‍්‍රීඩකයකු වන 21 හැවිරිදි සෞම්‍යා සාකර් සිම්බාබ්වේට එරෙහිව එක්දින තරගයකට පමණක් ක‍්‍රීඩා කර තිබේ.  බංග්ලාදේශ වැඩි කඩුලූ ලාභියා වන පා දඟ පන්දු යවන අබ්දුර් රසාක් ලෝක කුසලාන සංචිතයෙන් ඉවත් කර තිබීම කැපී පෙනේ. අබ්දුර් රසාක් එක්දින තරග 153 කදී කඩුලූ 207 ක් දවාගෙන තිබේ.

 බංග්ලාදේශය ‘බී’ කාණ්ඩයේ ක‍්‍රීඩා කරන අතර එම කාණ්ඩයේ නසීලන්තය,  ඕස්ටේ‍්‍රලියාව, එංගලන්තය, ශ්‍රී ලංකාව, අෆ්ගනිස්තානය සහ ස්කොට්ලන්තය ඇතුළත්ව සිටියි.

Rate this item
(0 votes)