May 09, 2024

දිමුත් කරුණාරත්න මංගල ශතකය වාර්තා කරයි 

December 28, 2014

නවසීලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනයේදී සිය ටෙස්ට් දිවියේ මංගල ශතකය වාර්තා කිරීමට දිමුත් කරුණාරත්න අද (28) සමත්විය.

නවසීලන්ත පළමු ඉනිමට වඩා ලකුණු 303ක් පිටුපසින් සිටිමින් සිය දෙවැනි ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායම දිමුත්ගේ ශතකය හේතුවෙන් සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට සමත්විය.

ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 114ක් අවසානයේදී ලකුණු 273ක් රැස්කරගෙන සිටියි. ඒ අනුව කඩුලු හතක් අතැතිව නවසීලන්තයේ දෙවැනි ඉනිමට ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 30 ක් පිටුපසින් සිටියි.

 

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 30 December 2014 13:05