May 08, 2024

මැතිව්ස්ගේ නවසීලන්ත ප්‍රථම ටෙස්ට් තරගය අද 

December 26, 2014

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (26) නවසීලන්තයේ ක්‍රයිස්චර්ච්හි දී පැවැත්වෙන අතර එම තරගය නායක ඇන්ජලෝ මැතිව්ස් නවසීලන්තයේ දී සහභාගිවන පළමු ටෙස්ට් තරගය ලෙස ද වාර්තා ‍පොතට එක්වෙයි. 

 

මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අලුයම 03.30ට ආරම්භ වේ. ශ්‍රී ලංකා කණ්ඩායම ඇන්ජලෝ මැතිව්ස් විසින් මෙහෙයවනු ලබන අතර නවසීලන්ත කණ්ඩායම බ්‍රෙන්ඩන් මැකලම් විසින් මෙහෙයවයි.

 

මේ දක්වා ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ටෙස්ට් තරග 28 ක් පවත්වා ඇති අතර, ඉන් තරග 10ක ජය නවසීලන්තයටත්, තරග 08 ක ජය ශ්‍රී ලංකාවටත් හිමි වී තිබේ.

 

නවසීලන්තයේ පවත්වා ඇති ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ටෙස්ට් තරග 13න් තරග 6ක ක ජය නවසීලන්තයටත්, තරග 02ක ජය ශ්‍රී ලංකාවටත් හිමිවී ඇති අතර තරග 05ක් ජය පරාජයෙන් තොර ව අවසන් වී තිබේ.

 

අද තරගය සඳහා තණකොළවලින් සමන්විත කොළපාට තණ තීරුවක් හිමි වී ඇති බැවින් දෙපිලම වේගපන්දු යවන්නන් කෙරෙහි වැඩි බලා‍පොරොත්තු රඳවා තිබේ.

 

මේ අනුව නවසීලන්තය වෙනුවෙන් ටිම් සවුති, ට්‍රෙන්ට් බෝලට් සහ නීල් වැග්නර් ක්‍රීඩා කිරීමට නියමිතව ඇති අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් සුරංග ලක්මාල්, ෂමින්ද එරංග සහ ධම්මික ප්‍රසාද් ක්‍රීඩා කරති.

 

දඟ පන්දු යවන්නන් ලෙස නවසීලන්තය වෙනුවෙන් මාර්ක් කේ‍ර්ග් ද ශ්‍රී ලංකාව වෙනුවෙන් දිල්රුවන් පෙරේරා හෝ තරිඳු කෞෂාල් ක්‍රීඩා කිරීමට නියමිත ව තිබේ.

 

ශ්‍රී ලංකා පි‍ලේ පිතිකරුවන් ලෙස දිමුත් කරුණාරත්න, කෞෂාල් සිල්වා, කුමාර් සංගක්කාර, ළහිරු තිරිමාන්න, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල් සහ ප්‍රසන්න ජයවර්ධන ක්‍රීඩා කරති.

 

නවසීලන්ත පි‍ලේ පිතිකරුවන් ලෙස ටොම් ‍ලේතම්, බ්‍රෙන්ඩන් මැකලම්, කේන් විලියම්සන්, රොස් ටේලර්, ඩීන් බ්‍රවුන්ලි, ජිමී නීෂම් සහ බි.ජේ. වොට්ලින්ග් ක්‍රීඩා කරති.

 

ශ්‍රී ලංකා සංචිතය

 

ඇන්ජලෝ මැතිව්ස් (නායක), දිමුත් කරුණාරත්න, කෞෂාල් සිල්වා, කුමාර් සංගක්කාර, ළහිරු තිරිමාන්න, දිනේෂ් චන්දිමාල්, ප්‍රසන්න ජයවර්ධන,  දුෂ්මන්ත චමීර, නිරෝෂන් දික්වැල්ල, තරිඳු කෞෂාල්, දිල්රුවන් පෙරේරා, ධම්මික ප්‍රසාද්, ෂමින්ද එරංග, සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප්

 

නවසීලන්ත සංචිතය

 

බ්‍රෙන්ඩන් මැකලම් (නායක), ට්‍රෙන්ට් බෝල්ට්, ඩග් බ්‍රේස්වෙල්, ඩීන් බ්‍රවුන්ලි, මාර්ක් කේ‍ර්ග්, ටොම් ‍ලේතම්, ජිමී නීෂම්, හමීෂ් රදර්ෆර්ඩ්, ටිම් සවුති, රොස් ටේලර්, නීල් වැග්නර්, බිජේ වොට්ලින්ග්, කේන් විලියම්සන්

Rate this item
(0 votes)