May 09, 2024

ෂේන් වොට්සන්ගේ හිසේ පන්දුවක් වදියි (VIDEO)

ඉන්දියාව සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා පැවැති පුහුණුවීම් අතරතුරදී ඔස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක ෂේන් වොට්සන්ගේ හිසේ පන්දුවක් වැදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

ඒ තරගාවලිය සඳහා මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (23) පැවැති පුහුණු සැසියක් අතරතුරදීය.

වේගපන්දු යවන ක්‍රීඩක ජේම්ස් පැට්න්සන් එවූ පන්දුවක් මෙලෙස වොට්සන්ගේ හිසේ වැදී ඇති බව වාර්තා වෙයි.

එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ මෙම සිදුවීමෙන් වොට්සන්ට කිසිදු දරුණු අනතුරක් සිදුවී නොමැති බවයි.

කෙසේ වෙතත් ඔහු එහිදී යම් කම්පන තත්ත්වයකට පත්වූ බවද ඔස්ට්‍රේලියාවෙන් ලැබෙන ආරංචි මාර්ග පවසයි. 

ඊට වඩාත්ම හේතුවී ඇත්තේ ඔස්ට්‍රේලියානු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක පිල් හියුස් පසුගිය මාසයේදී පැවැති ක්‍රිකට් තරගයක් අතරතුරදී පන්දුවක් හිසේ වැදීමෙන් ජීවිතක්ෂයට පත්වීමයි.

 

Rate this item
(0 votes)