May 03, 2024

එංගලන්ත ජයග්‍රහණයෙන් අනතුරුව තිරිමාන්න යුග දිවියට

December 18, 2014
ලහිරු තිරිමාන්න ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සිටින වමත් පිතිකරුවෙකු හා දකුණත් මද වේග පන්දු යවන්නෙකු වේ.
ඔහු පසුගියදා සිය පෙම්වතිය සමග යුගදිවියට පිවිස තිබේ.
1989 සැප්තැම්බර් මස 08 වැනි දා උපත ලැබූ ලහිරු බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරා එම විද්‍යාලයේ 11න් පහළ ක්‍රිකට් කණ්ඩායමට පළමු වරට තරග කර තිබේ.
අනතුරු ව මොරටුව වේල්ස් කුමර විද්‍යාලයට ඇතුළත් වී එහි දී වයස 13න් පහළ, 15න් පහළ, 17න් පහළ සහ පාසල් කණ්ඩායමේ ක්‍රීඩකයෙකු වශයෙන් ක්‍රීඩා කර ඇත.
2007 වර්ෂයේ දී වයස 19 න් පහළ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට තෝරා ගැනීමෙන් අනතුරු ව වයස 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලාන කණ්ඩායමට තෝරාගෙන තිබේ.
එම වසරේ දී ම රාගම ක්‍රිකට් ක්‍රීඩා සමාජය වෙනුවෙන් පළමු පෙළ ක්‍රිකට් තරග සඳහා සහභාගී වූ අතර බංගලාදේශයේ පැවති තුන්කොන් එක්දින ජ්‍යාත්‍යන්තර තරගාවලියේ දී ඔහුට මංගල එක්දින වරම් හිමි විය.
 
 
Rate this item
(0 votes)
Last modified on Thursday, 18 December 2014 11:24