May 03, 2024

පාපන්දුව වැදී ලාංකික සිසුවෙක් බ්‍රිතාන්‍යයේ දී මරුට

December 17, 2014
පාසල් පාපන්දු සැසියකට සහභාගී වෙමින් සිටිය දී පා පන්දුවක් ශරීරයේ වැදීම හේතුවෙන් බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකික පාසල් සිසුවෙක් මරණයට පත් ව ඇති බව විදෙස් මාධ්‍ය වර්තා කරයි.
 
සුගේන්ත් ජයකුමාර් නමැති 14 හැවිරිදි දරුවෙක් මෙලෙස මරණයට පත් ව ඇත.
 
බ්‍රිතාන්‍යයේ නෝර්තිවික්හි පදිංචි මෙම සිසුවා ඉකුත් සති අන්තයේ දී සිය පාසලේ පාපන්දු පුහුණුවීම් සඳහා සැසියකට සහභාගී වෙමින් සිටිය දී ප්‍රතිවාදී පිලේ දැල් රකින්නා එල්ල කළ පහරක් මෙම ලාංකික සිසුවාගේ ශරීරයේ වැදී තිබේ.
 
එම පහරෙන් සිසුවාගේ ශරීර අභ්‍යන්තරය දැඩි ලෙස හානි සිදු වී ඇති අතර නෝර්තිවික්හි රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මරණයට පත් ව ඇත.
Rate this item
(0 votes)