May 07, 2024

අජන්තට සහ ප්‍රසන්නට සුභ පැතුම්    

20 - 20 ලෝක කුසලාන ක්‍රීකට් තරගාවලිය ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙන දුන් යුද හමුදා සාමාජිකයින් මෙන් ම ලෝක ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකුවන අජන්ත මෙන්ඩිස් සහ සික්කුගේ ප්‍රසන්න ඊයේ යුද හමුදාපති කාර්යාලයේ දී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් දයා රත්නායක හමු විය. 

එහි දී යුද හමුදාපතිවරයා සහ ක්‍රීඩා අධ්‍යක්ෂ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් එක් ව ඔවුන්ට සිය සුභ පැතුම් එක් කළ අතර එම ජයග්‍රහණය වෙනුවෙන් ඔවුන් කළ කැපවීම අගය කිරීම සඳහා ලක්ෂ 05 බැගින් මුල්‍යමය ත්‍යාග පිරි නැමුවේ ය.

Rate this item
(0 votes)
Last modified on Thursday, 10 April 2014 10:41