May 03, 2024

සංගා 13000 ක් සමගින් එක් වෙයි

December 03, 2014

ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ පිතිකරු කුමාර් සංගක්කාර තම එක්දිනක්‍රිකට් දිවියේ ලකුණු 13000සීමාව පසුකිරීමට මීට සුළු වේලාවකට පෙර සමත්විය.

ඒ සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තුන්වැනි එක්දින තරගයේදීයි.

සංගා මෙම කඩයිම පසුකර ගියේ  අද තරගය අරම්භයට පෙර  කඩඉමට ලකුණු 13ක් පසුපසින් සිටිමිනි.

සංගාට පෙර ජාත්‍යන්තර පිටියේ පිතිකරුවන් තිදෙනෙකු මෙම කඩඉම පසුකර ඇති අතර, ඉන්දියාවේ සචින් තෙන්ඩුල්කාර් (18426) එහි ඉදිරියෙන්ම සිටියි.ඔස්ට්‍රේලියාවේ රිකී පොන්ටින් (13704) දෙවැනි ස්ථානයේ පසුවන අතර, ශ්‍රීලංකාවේ සනත් ජයසූරිය (13430) එහි තෙවැනි ස්ථානයේ පසුවෙති.

එමෙන්ම එක්දින තරග 385කට ක්‍රීඩාකර ඇති සංගක්කාර මේ වනවිට ශතක 19ක් හාඅර්ධ ශතක 88 රැස්කරගෙන සිටින අතර, ලොව පිතිකරුවෙකු වාර්තාකර ඇති දෙවැනි වැඩිම අර්ධ ශතක සංඛ්‍යාවටද හිමිකම් කිහ.

 

 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 03 December 2014 21:37