May 03, 2024

එක්දින ක්‍රිකට් වාර්තා පොතෙහි අලුත් පිටුවක්

December 02, 2014
සිය පළමු එක්දින තරගයේදීම කඩුලු ත්‍රිත්වයක් දවාලූ පළමු පන්දු යවන්නා ලෙස ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් වාර්තා පොතෙහි අලුත් පිටුවක් පෙරළීමට බංග්ලාදේශයේ තයිජුල් ඉස්ලාම් ඊයේ (01දා) සමත්විය.
 
සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සමග මීර්පූර්හි ශේර් බංග්ලා ක්‍රීඩාංගණයේ පැවැති පස්වැනි හා අවසන් එක්දින තරගයේදී ඔහු මෙම දක්‍ෂතාව දැක්වීය. ඔහුගේ මෙම විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් බංග්ලාදේශ කණ්ඩායමට කඩුලු පහක ජයක් හිමි වූ අතර, සමස්ත තරගාවලියද  තරග 5-0 ක් ලෙස ජයගැනීමට ඔවුන්ට හැකිවිය.
 
මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායමට පන්දුවාර 30 ක් අවසානයේ සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 128 ක් පමණි. පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ බංග්ලාදේශ කණ්ඩායම තරගයේ 24.3 වැනි පන්දුවාරයේදී ලකුණු 129 ක් රැස්කරමින් ජයග්‍රහණය සම්පූර්ණ කරගත්තේය. තයිජුල් ඉස්ලාම් තරගයේ වීරයා ලෙස සම්මාන හිමිකරගත් අතර, මුෂ්ෆිකර් රහීම් තරගාවලියේ වීරයා ලෙස සම්මාන හිමිකරගත්තේය.
Rate this item
(0 votes)
Last modified on Tuesday, 02 December 2014 09:01