May 03, 2024

ජනපති පැමිණි උත්සවයේ ප්‍රධාන අමුත්තා ආරක්ෂක ලේකම්

කාල්ටන් පෙර පාස‍ල් සමූහයේ  අවුරුදු උත්සවය ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හා එම මහත්මියගේ ප්‍රධානත්වයෙන් ටොරිංටන්   ක්‍රීඩා අමාත්‍යාංශ ක්‍රීඩාංගණයේ දී පැවැත්විණ.ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ  ශිරන්ති රාජපක්ෂ මහත්මියද මෙම අවස්ථාවට සහභාගී වී සිටියද ප්‍රධාන අමුත්තන් ලෙස සහභාගී වී සිටියේ ආරක්ෂක ලේකම්වරයායි .

කාල්ටන් පෙර පාසැල් සමුහයට අයත්  කොළඹ දිස්ත්‍රික්කයේ පෙර පාසල් දරුවන් සඳහා මෙම අවුරුදු උත්සවය පැවැත්විණි .තරගවලින් ජයග්‍රහණය කල සහ  සහභාගීවු සියළුම දරුවන් සදහා ත්‍යාග බෙදාදීම උත්සවයේ ප්‍රධාන අමුත්තා වූ ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාතයාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා හා එම මැතිණිය අතින් සිදු විය .

 

 

     

Rate this item
(0 votes)
Last modified on Wednesday, 09 April 2014 09:31