May 08, 2024

IPL තරගාවලියේ සැලසුම එළිදකී

මෙවර පැවැත්වෙන ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ සැලසුම අද නිළ වශයෙන් ප්‍රකාශයට පත් කළා.

ඒ අනුව තරඟාවලිය ආරම්භ වන්නේ ලබන 26 වනදායි. 

ඉතිහාසයේ පළමු වරට මෙවර තරඟාවලියට කණ්ඩායම 10 ක් එක්වනවා.

දින 65 ක් පුරා මුම්මබා සහ පූනේ නගර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන තරඟාවලියට තරඟ 70 ක් ඇතුලත්.

එක් කණ්ඩායමක් තරඟ 14 කට මුහුණ දෙනවා. 

මෙවර තරඟාවලිය ඒ සහ බී වශයෙන් කාණ්ඩ දෙකකට වෙන් කර එක් කාණ්ඩයකට කණ්ඩායම් 05 බැගින් එක්කර තිබීම ද තවත් විශේෂ කාරණයක්.

තරගාවලිය ආරම්භ වන්නේ වත්මන් ශූරයින් වන චෙන්නායි සුපර් කින්ග්ස් සහ කොල්කටා නයිට්රයිඩර්ස් යන කණ්ඩායම් අතරයි.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 08 March 2022 00:19