April 27, 2024

ජේකබ් කිප්ලිමෝ ගෙන් ලෝක වාර්තාවක්

November 23, 2021

උගන්ඩාවේ ජේකබ් කිප්ලිමෝ ලෝක වාර්තාවක් පිහිටුවා තිබෙනවා. ඒ ලිස්බන් අර්ධ මැරතන් මාර්ග ධාවන තරඟයේදී මිනිත්තු 57:31 කින් ලෝක අර්ධ මැරතන් තරඟය නිමාකිරීමෙන්.

ඒ අනුව වසරකට පෙර වැලෙන්සියාහිදී කෙන්යාවේ කිබිවොට් කැන්ඩි මිනිත්තු 57:32 කින් පිහිටුවා තිබූ වාර්තාව ඒ අනුව බිඳ වැටිණා.

නිමාවූ ටෝකියෝ ඔලිම්පික් උළෙලේ මීටර් 10,000 ලෝකඩ පදක්කම දිනාගත් කිප්ලිමෝ අර්ධ මැරතන් තරඟයේ කිලෝමීටර් 15 ක සීමාවේදී මිනිත්තු 40:27 ක් ගතකොට තිබුණා.

ඉතියෝපියාවේ ඊසා හුසෙයිඩින් මොහොමඩ් මිනිත්තු 59:39 කින් දෙවැනි තැනට හා ගේබා ඩිබාබා එම වේලාවෙන්ම තෙවැනි තැනට නම් කෙරුණා.

Rate this item
(0 votes)