May 02, 2024

ප්‍රකෝටිපතියන් බිහි කරන විස්සයි විස්ස තරගාවලියක් ලබන වසරේ සිට: කණ්ඩායම් මිලට ගන්න ලොකු පොරයක්

November 24, 2021

ඉන්දීය ප්‍රිමියර් ලීගයට (IPL) නොදෙවෙනි විස්සයි විස්ස ප්‍රීමියර් ලීග් තරඟාවලියක් 2022 වසරේ ආරම්භ වීමට නියමිතයි.

ඒ ඉතා ධනවත් රාජ්‍යයක් මෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිකට් කවුන්සිලයේ (ICC) මූලස්ථානයද පිහිටා තිබෙන එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ.

විස්සයි විස්ස ලෝක ශූරතාව

මෑතකදී අවසන් වූ විස්සයි විස්ස ලෝක ශුරතා තරගාවලිය පැවැත් වුනෙත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ.

කණ්ඩායම් 6 කින් සමන්විත එම තරගාවලියේ සම්පූර්ණ තරඟ ප්‍රමාණය 34 ක්.

සෑම වර්ෂයකම ජනවාරි හා පෙබරවාරි කාලය තුළ තරගාවලිය පැවැත්වීමට සංවිධායකවරුන් බලාපොරොත්තු වනවා.

එහෙත් 2022 සමාරම්භක තරඟාවලිය පෙබරවාරි හා මාර්තු අතර පැවැත්වීමටයි යෝජනා වී තිබෙන්නේ.

කණ්ඩායම් මිලට ගැනීම

එම කණ්ඩායම් 6 න් 2 ක් මිලට ගැනීම සඳහා මේ වන විටත් IPL කණ්ඩායම් දෙකක හිමිකාරිත්වය දරන කෝටිපති අම්බානි පවුලට අයත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හා සුපිරි නළු ෂාරුක් ඛාන්ට අයත් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සිය අවධානය යොමු කර තිබෙනවා.

ඒ හැර එංගලන්තයේ සුප්‍රකට මැන්චෙස්ටර් යුනයිටඩ් පාපන්දු කණ්ඩායමේ හිමිකරුවන් වන ග්ලේසර් පවුලද එක් කණ්ඩායමක් මිලට ගැනීම පිළිබඳව කැමැත්තෙන් සිටින බවයි වාර්තා වන්නේ.

එම පවුලද ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් විශේෂ උනන්දුවක් දක්වනවා.

ඔවුන් 2022 වර්ෂයේ සිට IPL තරගාවලියට අලුතින් එක් කර තිබෙන කණ්ඩායම් දෙකින් එකක් මිලට ගැනීම සඳහා ලංසුවක් ඉදිරිපත් කළද එය සාර්ථක වූයේ නැහැ.

ඒ ඊට වඩා ලංසුවක් එම කණ්ඩායම් වෙනුවෙන් ඉදිරිපත් වූ නිසා.

ඉහළ ක්‍රීඩක වැටුප්

යෝජිත එක්සත් අරාබි එමීර් විස්සයි විස්ස තරගාවලිය IPL තරගාවලියටත් වඩා ක්‍රීඩකයන්ට මුදල් ලැබෙන තරඟාවලියක් බවට පත්වන බවයි වාර්තා වන්නේ.

එම තරගාවලියට සහභාගීවන ක්‍රීඩකයන්ට වැටුප් ලෙස ගෙවිය යුතු අවම මුදල ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 15 ක් (රු. ලක්ෂ 3000) විය යුතු බවට සංවිධායකවරුන් මේ වන විටත් තීරණය කර තිබෙනවා.

2022 වර්ෂයේ ආරම්භ වීමට යෝජිත එක්සත් අරාබි එමිර් විස්සයි විස්ස තරගාවලිය මුලින්ම ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණේ 2018 වර්ෂයේ දෙසැම්බර් මාසයේදී.

ඒ කණ්ඩායම් 5 ක සහභාගිත්වයෙන්.

පළමු උත්සාහය

එහෙත් එම අවස්ථාවේදී කණ්ඩායම් 5 න් 3 කක් සඳහා ගැනුම්කරුවන් සොයා ගැනීමට සංවිධායකවරුන්ට නොහැකි වුණා.

ඒ නිසා එම තරගාවලිය නතර වූ අතර එම තරගාවලිය පැවැත්වූයේ නම් ඊට සහභාගි වීමට වීමට ඒ.බී.ඩි විලියස් හා ඇන්ඩ්‍රි රසල් දැන් සුපිරි ක්‍රීඩකයින් සිය කැමැත්ත පළ කර තිබුණා.

එක්සත් අරාබි එමිර් රාජ්‍යය ක්‍රිකට් හා පාපන්දු ක්‍රීඩාවට විශේෂ තැනක් දෙන රාජ්‍යයක් වන අතර එම ක්‍රීඩාවන්හි නියැලෙන ක්‍රීඩකයන්ට ඉතා ඉහළ වෘත්තීය වටිනාකමක් ලබා දෙන රාජ්‍යයක්ද වනවා.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 24 November 2021 10:39