May 06, 2024

චන්දිමාල් මිලියන ගණනක් එපා කියයි

September 06, 2021

දෙවන වරටත් නේපාල ක්‍රිකට් ආයතනය මගින් සංවිධානය කරනු ලබන "නේපාල එවරස්ට් ප්‍රීමියර්ලීග්" තරගාවලියේදී බහිරව ග්ලැඩියේටර්ස් කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක "දිනේෂ් චන්දිමාල්ට" හිමිව තිබුණා. චන්දිමාල් මිලදී ගැනීමට නියමිතව තිබුණේ ඉතා විශාල මුදලකටයි. කෙසේ වෙතත් දිනේෂ් චන්දිමාල් ක්‍රිකට් තරඟාවලියට සම්බන්ධ නොවන බව ක්‍රිකට් ආරංචි මාර්ග වාර්තා කරනවා.

ඔහු ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් සංචිතයට නැවත කැඳවීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇතැයි අනාවරණය වන්නේ. දිනේෂ් චන්දිමාල් විසින් ජාතික ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කිරීම තෝරාගෙන ඇති බවත් අන් කිසිවක් කෙරෙහි ඔහුගේ අවධානයක් නොමැති බවයි දිනේෂ් චන්දිමාල් පවසා ඇත්තේ.

අවශ්‍ය වූවා නම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුමැතිය ඇතිව මෙවර නේපාල එවරස්ට් ප්‍රීමියර්ලීග් තරගාවලිය නියෝජනයක කිරීමට ද අවස්ථාව ඔහුට තිබුණා.

දිනේෂ් චන්දිමාල්ගේ මෙම තීරණයත් සමඟ ඔහුට මෙවර දෙවන වතාවට පැවැත්වෙන එවරස්ට් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය අහිමි වී යනවා. කෙසේ නමුත් මෙවර තරගාවලියේ දී කණ්ඩායම් කළමනාකරුවෙකු දිනේෂ් චන්දිමාල් ක්‍රීඩා කරන බවට ඔහු සිය පුර්ව ප්‍රචාරක පට වලත් සඳහන් කර සිටියා.

Rate this item
(0 votes)
Last modified on Monday, 06 September 2021 09:57