May 01, 2024

අයුර්වේද වෛද්‍ය නිලධාරීගෙන් ශ්‍රි ලංකාවට රන් පදක්කම්

ශ්‍රි ලංකා ,ඉන්දියා ප්‍රවිණයන්ගේ මළල ක්‍රිඩා තරගාවලියේදි දුර පැනිමේ සහ තුන් පිම්ම පැනිමේ ඉසව් වලින් රන් පදක්කම් හිමි කර ගැනිමට උතුරුමැද පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ වෛද්‍ය නිළධාරි කේ.ඒ නොයෙල් ඩෙස්මන් ස්වර්ණතිලක මහතා සමත්විය.
 
 ඉන්දියාවේ කර්නාට ප්‍රාන්තයේ මහත්මා ගාන්ධි ක්‍රිඩාංගනයේදි පසුගිය 11 හා 12 දෙදින තුළ මෙම තරගාවලිය පැවැත්විණ.මේ සදහා ශ්‍රි ලංකාව නියෝජනය කරමින් ක්‍රිඩක ක්‍රිඩිකාවෝ හැත්තෑ දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් සහභාගි වි තිබේ.
 
රන් පදක්කම්ලාභි වෛද්‍ය කේ.ඒ නොයෙල් ඩෙස්මන් ස්වර්ණතිලක මහතා (ඊයේ 21)පෙරවරුවේ දුම්රියෙන් අනුරාධපුරයට පැමිණි අතර එහිදි පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ නිළධාරින් විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබිය.පසුව රථ පෙළහරකින් අනුරාධපුර ප්‍රධාන දුම්රිය ස්ථානයේ සිට පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව දක්වා රුගෙන ගියේය.
 
පළාත් ,දිස්ත්‍රික් මට්ටමේ සහ තරගාවලි රැසකදි ජයග්‍රහණ හිමිකර ගැනිමට මොහු සමත්කම් දක්වා තිබේ.එසේම ලබන වසර තුළ පැවැත්වෙන ලෝක මළල ක්‍රිඩා උළලේ දි ලංකාවට කිර්තියක් අත්කර දෙමින් පදක්කම් හිමිකර ගැනිම තම අපේක්ෂාව වි ඇතැයි වෛද්‍ය නිළධාරි කේ.ඒ නොයෙල් ඩෙස්මන් ස්වර්ණතිලක මහතා සදහන් කර සිටි.
 
අමිල  වනසිංහ
 
 
 
Rate this item
(0 votes)