මේ වන විට මුළු රටම කතා වන්නේ ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා දුන් දිනේෂ් ප්‍රියන්ත හේරත් ක්‍රීඩකයා ගැනයි.
ඒ ජපානයේ දැන් පැවැත්වෙන පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී.
මීට පෙර ඔලිම්පික් උළෙලකදී ශ්‍රී ලංකාවට පදක්කමක් දිනා දුන්නේ මීට දශක දෙකකට පෙර සුසන්තිකා ජයසිංහ මහත්මියයි.
සුසන්තිකාගේ අභියෝගය
රන් පදක්කම දිනූ උණුසුම මැද ජයසිංහ මහත්මියද අභියෝගයක් කරනවා.
ඒ තමන් දැන් 45 වැනි වියේ පසු වුවත් වසර 2ක් තුල ලංකාවේ පළවෙනියා වී පෙන්වන බවටයි.
මීටර් 100 , 200 ඕනෑම එකකින් එම අභියෝගය භාර ගැනීමට තමන් සූදානම් බවයි ජයසිංහ මහත්මිය සඳහන් කරන්නේ.
නිසි වටිනාකමක් ඕන
අලුත් ළමයින් සමග තරග කොට තමන්ට ඒ අභියෝගය ජය ගැනීමට හැකි බවයි ජයසිංහ මහත්මිය පෙන්වා දින්නේ.
හැබැයි ඒ කරන කැප කිරීමට නිවැරදි වටිනාකමක් ලැබිය යුතු බව ජයසිංහ මහත්මිය සඳහන් කරනවා.
සුසන්තිකා ජයසිංහ මහත්මිය මෙම අභියෝගය එල්ල කළේ දෙරණ රූපවාහිනී සේවයේ ජනප්‍රිය වැඩසටහනකට එක්වෙමින්.