May 01, 2024

සුපිරි ඔලිම්පික් ක්‍රීඩක ප්‍රිස්ටෝරියස් සිරගෙට

ලොවම කැළඹු ඝාතනයකට ආබාධිත ඔලිම්පික් ශූර ඔස්කා ප්‍රිස්ටෝරියස් සිය පෙම්වතිය මරා දැමීමේ චෝදනාවට වරදකරුවී වසර 5ක සිර දඩුවමක් නියම වි ඇත. 
 
ප්‍රිටෝරියා අධිකරණයේදී මේ නඩුව ඊයේ විභාගයට ගත් අවස්ථාවේදී  තමන් සතුව ඇති නොසැලකිළිමත් අවි භාවිතය සම්බන්ධයෙන් වරදකරුවු ඔස්කා ප්‍රිස්ටෝරියස් බන්ධනාගාරගත කිරීමට නියම විය.
 
මෝස්තර නිරූපිකාවක් ඔහුගේ පෙම්වතිය  රීවා ස්ටීන්කැම්ප් පසුගිය වසරේ ආදරවන්තයන්ගේ දිනයේදී ඔස්කා ප්‍රිස්ටෝරියස් හමුවීමට පැමිණි අවස්ථාවේ දී සිදුවු වෙඩි තැබීමකින් මරණයට පත් වීය.
 
නඩු විභාගයේ තුළදි ඉදිරිපත්වු සාක්ෂි  වලට අනුව මෙය හිතාමතා සිදුකළ ඝාතනයක් නොවන බවත් අවි ආයුධ වැරදි ලෙස භාවිතා කර අත්වැරදීමකින් වු මනුෂ්‍ය ඝාතනයක් බව තහවුරු වී තිබේ.
 
ඔස්කා ප්‍රිස්ටෝරියස් 'බ්ලේඩ් රනර්' ලෙස පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී රන් පදක්කම් දිනා ගැනීමත් සමග ඔහු ලොව පුරා ප්‍රසිද්ද විය . ඔහු ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේදී පදක්කමක් දිනාගත් පළමු පාද අහිමි ක්‍රීඩකයාද විය.
Rate this item
(0 votes)
Last modified on Wednesday, 22 October 2014 09:09