May 17, 2024

දැඩි ආරක්ෂාව මැද දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම දිවයිනට (PHOTOS)

දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තරග සංචාරයක් සදහා අද (26) අලුයම කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණියා.

මෙම දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම කටාර් රාජ්‍යයේ දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 668 දරන ගුවන් යානයෙන් අද (26) අලුයම 02.15ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

මොවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියා.

ඇමති ආරක්ෂක ඒකකයේ නිලධාරීන් දැඩි ආරක්ෂාව මධ්‍යයේ මෙම ක්‍රිකට් ක්‍රීඩකයන් පිරිස කොළඹ බලා රැගෙන ගියා.

ජෛව ආරක්ෂක බුබුලක් ලෙස මෙම ක්‍රිකට් තරග සංචාරය තුළ මෙම ක්‍රීඩකයන් කටයුතු කිරීමට නියමිතයි.

(කටුනායක - ටී.කේ.ජී.කපිල )

Rate this item
(0 votes)
Last modified on Thursday, 26 August 2021 10:53