May 21, 2024

ධනුෂ්ක සහ කුසල් ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලූ දේ

එංගලන්ත සංචාරය අතරතුරදී විනය විරෝධීව හැසිරීමේ චෝදනාට වැරදිකරුවන් වී සිටින ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනාගෙන් ධනුෂ්ක ගුණතිලක සහ කුසල් මෙන්ඩිස් දඩුවම ගිහිල් කරන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අභියාචනයක් යොමුකර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා පවසනවා.

කෙසේ වෙතත් නිරෝෂන් දික්වැල්ල අභියාචනයක් යොමු කර නොමැති බවත් ධනුෂ්ක සහ කුසල් ඉදිරිපත් කළ අභියාචනය ඉදිරි විධායක කමිටුවට ඉදිරිපත් කරන බවත් මොහාන් මහතා ප්‍රකාශ කළා.

මෙම ක්‍රීඩකයන් තිදෙනාට වසර තරග තහනමක් සහ රුපියල් කෝටිය බැගින් වන දඩයක් ඇතුළත් දඩුවමක් ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව පැනවීය.

Rate this item
(0 votes)