May 16, 2024

තෙන්දුල්කාර්ට ලාරාට මම බය නෑ - ඇත්තටම මුරලි බය කාටද?

ටෙස්ට් කඩුලු 800 ක් ලබා ගත් ලොව අංක එකේ පිට දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ආකාෂ් චොප්රා සමඟ කළ සංවාදයකදී හෙළි කළේ තමා බිය වූයේ සචින් තෙන්ඩුල්කාර්ට නොව විරේන්ද්‍ර ෂෙවාග්ට බවයි.

සචින් තෙන්ඩුල්කාර් - බ්‍රයන් ලාරා ලෝක පූජිත පිතිකරුවන් දෙදෙනෙක්. පන්දු යවන්නන් හට දිගට හරහට, අනුකම්පා විරහිතව ගුටිබැට දුන් මෙම පිතිකරුවන් දෙදෙනා පිටියේ පන්දුවට පහරදෙන විට පන්දු යැවීමට පන්දු යවන්නන් බිය වුණා.

සචින් සහ ලාරා සිය වෘත්තීය දිවියේ බොහෝ ඓතිහාසිගත ඉනිම් ක්‍රීඩා කළ අතර කණ්ඩායම වෙනුවෙන් ජයග්‍රහණය රැසක් ලබාදුන් ක්‍රීඩකයන් දෙදෙනෙක්.

කොහොම වුණත්, මෙම යුගයේ සචින්ට සහ ලාරාට බිය නොවූ අති විශිෂ්ට පන්දු යවන්නකු සිටියා.

ඒ  ශ්‍රී ලංකාවේ ආඩම්බරය මුත්තයියා මුරලිදරන්

ආකාෂ් චොප්රා සමඟ කළ සංවාදයකදී මුත්තයියා මුරලිදරන් කියා සිටියේ තමා කිසි විටෙකත් සචින්ට බිය නොවන බවත් වීරේන්ද්‍ර ෂෙවාග්ට පමණක් බිය වන බවය.

E.S.P.N ක්‍රික්ඉන්ෆෝ සමඟ කළ සංවාදයකදී මුරලිදරන් පැවසුවේ, 'බ්‍රයන් ලාරා සහ විරේන්ද්‍ර ෂෙවාග් මට හොඳම ක්‍රීඩාව කළා, ඔවුන් මගේ බෝල කියවන්නට පුරුදු ව සිටියා"

මෙහිදී මුරලිදරන් ලාරට ප්‍රශංසා කළා. සචින් තෙන්ඩුල්කාර් ගැන මුරලි පැවසුවේ සචින් තමන්ගේ පන්දු වලට හොඳින් ක්‍රීඩා කළ නමුත් ඔහු කිසි විටෙකත් ෂෙවාග් තරම් වේගයෙන් පන්දුවට පහර නොදුන් බවයි.

මුරලිදරන් ආකාෂ් චොප්රාට පැවසුවේ, ෂෙවාග් තමන්ගේ  පන්දු වලට ලකුණු ගොඩක් ලබා ගත හැකි බව මුරලි දැන සිටි බවයි.

මෙහිදී මුරලි පවසා තිබුණේ සචින් තමන්දේ පන්දු හමුවේ ලකුණු රැස් නොකරන නමුත් සචින්ගේ කඩුල්ල ලබා ගැනීම දුෂ්කර වුණු බවයි.

මුරලිදරන් වැඩි දුරටත් කියා සිටියේ, “ටෙස්ට් තරඟයේ පළමු පැය 2 තුළදී ෂෙවාග්ට අවශ්‍ය වූයේ ලකුණු 150 ක් ලබා ගැනීමටයි. ඒ නිසාම මම නිතරම ඔහු වෙනුවෙන් ආරක්‍ෂක පන්දු රැකීමක් යොදාගත්තා "

“ෂෙවාග් නිසැකවම මට විශාල ප්‍රහාරයක් එල්ල කරන බවත් එයින් ගැලවීමට අවස්ථාවක් තිබෙන බවත් මම දැන සිටියා” යනුවෙන් මුරලි පවසා තිබුණා.

ටෙස්ට් තරග වලදී ත්‍රිත්ව ශතක දෙකක් වාර්තා කළ එකම ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයා විරේන්ද්‍ර ෂෙවාග් ය.

ඔහුට තෙවන ත්‍රිත්ව ශතකය අහිමි වූයේ ලකුණු 7 කින් පමණි. විරේන්ද්‍ර ෂෙවාග් මුල් සිටම පන්දු යවන්නන්ට පීඩනය යෙදුවා. ඔහු දඟ පන්දු යවන්නන්ට එරෙහිව පුදුම සහගත ලෙස පන්දුවට පහර දීමට පුරුදුව සිටියා.

සෙවාග් ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් තරග 104 කදී ලකුණු 8586 ක් රැස් කළ අතර සාමාන්‍ය 49.3 කි. සෙවාග් ටෙස්ට් ශතක 23 ක් සහ එක්දින තරග 15 ක් වාර්තා කළා.

ශ්‍රී ලංකාවට එරෙහිව සෙවාග් ටෙස්ට් තරග 11 කදී ලකුණු 1239 ක් රැස් කළ අතර එහි සාමාන්‍ය 72.88 ක් වුණා. එයට ශතක 5 ක් සහ අර්ධ ශතක 3 ක් ඇතුළත් වුණා.

එවැනි පුදුමාකාර වාර්තා වලට හිමිකම් කියන විරේන්ද්‍ර ෂෙවාග්ට පන්දු යැවීමට, අසාමාන්‍ය පන්දු යවන්නෙකු වූ මුත්තයියා මුරලිදරන් බිය වූයේ ඇයි කියා හොඳින් පැහැදිලි වෙනවා.

Rate this item
(4 votes)