May 02, 2024

බටහිර ඉන්දීය කොදෙව්වන් ඉන්දියාවෙන් වන්දි ඉල්ලයි

ඉන්දියා සංචාරය අතරමඟ අවලංගු කිරීම හේතුවෙන් ඉන්දියා රුපියල් කෝටි 400ක වන්දි මුදලක් බටහිර ඉන්දියා කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ඉල්ලා සිටීමට ඉන්දියාව සූදානම් වේ.
ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලයේ ක්‍රියාකාරී කමිටුව මේ මස 21දා හයිදාබාද් හී රැස්වීමට නියමිත අතර එම වන්දි මුදල ඉල්ලා සිටිය යුතුද නැද්ද යන වග පිළිබඳ එහිදි තීරණය වේ.
 
කොදෙව් පිලේ ඉන්දියා සංචාරයට ටෙස්ට් තරග 3ක් ද , විස්සයි 20 තරගයක් සහ එක්දින තරග 5ක් ඇතුළත්ව තිබි ඇත. 
 එරට ක්‍රිකට් බලධාරීන් හා ක්‍රීඩකයන් අතර වැටුප් සම්බන්ධව ඇතිවූ අර්බුදයක් හේතුවෙන් දෙපිල අතර පැවැති සිවුවැනි එක්දින තරගයෙන් පසුව කොදෙව් කණ්ඩායම තම ඉන්දියා සංචාරය අතරමග දී නතර කිරීමට මෙම පියවර ගෙන තිබුණි. 
ඒම නිසා අනුව ඉන්දියාවට තරඟ පැවැත්වෙන දින 17ක ආදායමක් ද අහිමිවී ගියේය. 
 
 ඉදිරි වසර 8ක කාලයක් තුළ ඉන්දියා පිලේ කොදෙව් දූපත් ක්‍රිකට් සංචාරවලින් 50% ක් කපා හැරිය යුතු බවට ද ඉන්දියා ක්‍රිකට් ආයතනයේ ඇතැම් නිලධාරීන් යෝජනා කර ඇති බවත්  තරඟ කාල සටහන අනුව 2015 වසරේ සිට 2023 වසර දක්වා ඉන්දියා පිල ටෙස්ට් තරඟ 10ක් ද , එක්දින තරඟ 15ක් සහ විස්සයි20 තරග 4ක් කොදෙව් දූපත්වලදී ක්‍රීඩා කිරීමට නියමිතය.
Rate this item
(0 votes)
Last modified on Monday, 20 October 2014 09:40