May 16, 2024

රෝයල් - තෝමස් ගැටෙන "නිල් මහ සටන" සඳහා අවසර

කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර වාර්ෂිකව පවත්වනු ලබන "නිල් මහ සටන" හම්බන්තොට සුරියවැව අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වීම සඳහා අවසර ලබාදී තිබෙනවා.

ලබන මස 09, 10 සහ 11 යන දිනවලදී මෙම තරගය පැවැත්වීමට නියමිතයි.

මෙයට අවසර ලබාදී තිබෙන්නේ සෞඛ්‍ය අමාත්‍යංශයෙන් වන අතර එහිදී ජාත්‍යන්තර ක්‍රිකට් තරඟාවලියක් පවත්වනු ලබන "ජෛව බුබුළු ආරක්ෂණ ක්‍රමවේදය" යටතේ තරඟය පැවැත්විය යුතු වෙනවා.

මීට පෙර කොරෝනා වසංගතය මෙරට ව්‍යාප්ත වීම ආරම්භ වූ අවස්ථාවේ දී මෙම තරගය පැවැත්වීමට උත්සාහ කළත් එයට අවසර හිමි වුණේ නැහැ.

තරගය පවත්වනු ලබන්නේ දකුණු පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයා සහ හම්බන්තොට ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂවරයාගේ පුර්ණ අධීක්ෂණය යටතේයි.

Rate this item
(0 votes)