May 18, 2024

කුනාල් පාන්ඩ්‍යා ප්‍රශ්නයක් වෙයි - පිට පැනලත් නැහැ: බෝවුන විදිය හොයා ගන්නත් බැහැ

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඊයේ (27) පැවැත්වීමට නියමිතව තිබූ 20 - 20 ජාත්‍යන්තර තරඟය අදට (28) කල් ගියේ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක කුනාල් පාන්ඩේ හට කොවිඩ් - 19 ආසාදනය වීම හේතුවෙන්.

එහෙත් ඔහුට රෝගය බෝ වුනේ කෙසේදැයි සොයා .ගැනීමට නොහැකිව වෛද්‍ය කණ්ඩායම් මෙන්ම දෙරටේම ක්‍රිකට් බලධාරීන්ද අර්බුදකාරී තත්ත්වයකටයි මුහුණ දී සිටින්නේ.

නීති රීති අකුරටම පිළිපැදීම

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජෛව බුබුළු කණ්ඩායම පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් වගකීම පැවරී ඇති මහාචාර්ය අර්ජුන ද සිල්වා සඳහන් කරන්නේ කුනාල් පාන්ඩේට රෝගය බෝ වුනේ කෙසේදැයි තාමත් සොයා ගැනීමට නොහැකි වූ බවයි.

කුනාල් පාන්ඩේ ජෛව බුබුළු නීති රීති කිසිවක් කඩා නොමැති බවත් , ඔහු හෝටලයෙන් හෝ පිටව ගොස් නොමැති බවත් , එමෙන්ම ක්‍රිකට් කණ්ඩායම් වලට සේවය සපයන හෝටල් සේවකයන්ද ජෛව බුබුළු මත සිටින නිසා පාන්ඩේ රෝගය කෙසේ බෝ වීදැයි සොයා ගැනීම ගැටලුකාරී ප්රශ්නයක් බවයි ඔහු වැඩිදුරටත් වැඩි දුරටත් සඳහන් කරන්නේ.

තවත් 8ක් නිරෝධායනයේ

කුනාල් පාන්ඩේ සමඟ සමීප සබඳකම් පැවැත්වූ තවත් 8 දෙනකු නිරෝධායන ලක්කර තිබෙන මං ප්‍රකාශ වෙන මුත් ඒ කවුරුන්දැයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය හෙළිදරව් කර නැහැ.

ශ්‍රී ලංකාව ඉන්දියාව අතර අද (27) පැවැත්වෙන තරගයට අමතරව තවත් එක් තරගයක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 28 July 2021 20:05