May 02, 2024

ඕස්ට්‍රේලියාව නැවතත් ඉදිරියෙන්

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පිල පාකිස්තානයට එරෙහිව 3-0 ලෙස එක්දින තරගාවලිය ජය ගැනිමත් සමඟ අයි.සී.සී. එක් දින ශ්‍රේණිගත කිරිම් වලින් නැවතත් පෙරමුණට පැමිණ ඇත.
 
 මේ අනුව ඔස්ට්‍රේලියාව දෙවැනිව දකුණු අප්‍රිකාව ද තෙවැනි ස්ථානයේ ඉන්දීය පිල ද ශ්‍රේණිගත කිරීමේ සිටින අතර ශ්‍රී ලංකා පිල එක්දින කණ්ඩායම් අතර සිව්වැනි ස්ථානයේ ඇත.
 
 මේ අතර එක්දින පන්දු යවන්නන් අතර තවදුරටත් පාකිස්තානයේ පිට දඟ පන්දු යවන්නා ෂයිඩ් අජ්මාල් රැඳී සිටින අතර කොදෙව් පි‍ලේ සුනිල් නාරෙයින් දෙවැනි ස්ථානයේ රැඳී සිටී. එක්දින පිටියේ තුන් ඉරියව් ක්‍රීඩකයන් අතර ශ්‍රේණිගත කිරීමේ පෙරමුණේ පාකිස්තානු ක්‍රීඩක මොහොමඩ් හෆීස් සිටින අතර ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් දෙවැනි ස්ථානයේ ද, ටී. එම්. ඩිල්ෂාන් පස්වැනි ස්ථානයේ වේ.
 
 
Rate this item
(0 votes)