May 16, 2024

පාසැල් ක්‍රිකට් රාත්‍රිය නිමා වෙයි

ශාන්ත ජෝශප් විද්‍යාලයේ සධීර සමරවික්‍රම වසරේ ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මාන දිනා ගැනීමට සමත් විය.ඒ දේශීයපාසල්  ක්‍රිකට් ක්ෂේත්‍රයේ දස්කම් දක්වන විශිෂ්ටතම ක්‍රීඩකයන් ඇගැයීමට ලක්කරන සම්මාන රාත්‍රියේදී.  

වසරේ ක්‍රිකට් ක්‍රීඩක අනුශූරතාව මොරටුව වේල්ස් කුමර විදුහලේ ශානුක දුලාජ්ට හිමි විය.

කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවති මෙම උළෙලේ ප්‍රධාන ආරාධිතයෙක් වූ හිටපු ටෙස්ට් හා එක්දින ක්‍රිකට් ක්‍රීඩක , ජාත්‍යන්තර තරග විනිසුරු කුමාර් ධර්මසේන පාසැල් ක්‍රිකට් ක්‍රීඩකයින් ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයින් වශයෙන් ක්‍රීඩා කිරීමට අතිමහත් කැපවීමෙන් ක්‍රිකට් ක්‍රීඩාව හැදෑරිය  යුතු බව සභාව අමතමින් පවසා සිටියා.

(සමන් චමිල)

Rate this item
(0 votes)