May 06, 2024

ශ‍්‍රී ලංකා, කොදෙව් අවසන් පූර්ව තරගය අද

20 - 20 ක‍්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ‍්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර අවසන් පූර්ව තරගය අද පැවැත් වේ.

ශ‍්‍රී ලංකා වේලාවෙන් පස්වරු 07.00 ට පමණ බංග්ලාදේශයේ ඩකා - ෂරේ බන්ග්ලා ජාතික කී‍්‍රඩාංගනයේ දී තරගය පැවැත්වීමට  නියමිතයි.

අවසන් පූර්ව වටයේ දෙවැනි තරගය හෙට දිනයේ දී ඉන්දියාව සහ දකුණු අප‍්‍රිකාව අතර පැවැත් වේ.

එම තරග දෙකෙන් ජයග‍්‍රහණය කරන කණ්ඩායම් දෙක 06 වැනි පැවැත්වෙන 20 - 20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයට සහභාගිවීමට නියමිතයි.

Rate this item
(0 votes)