May 04, 2024

ආසියානු බොක්සිං ශූරතාවලියේදී ලංකාවට ලෝකඩ පදක්කමක් හිමි වෙයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හී පැවැති ආසියානු බොක්සිං ශූරතාවලියේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ලෝකඩ පදක්කමක් හිමිකර දීමට බොක්සිං ක්‍රීඩිකා නදීකා පුෂ්පකුමාරි සමත්ව තිබේ.

කිලෝග්‍රෑම් 51ක් ෆ්ලයිවෙයිට් බර පංතියේ තරඟ වැදුණු නදීකා දෙවරක් ලෝක ශූරතාව හිමිකරගත් කසකස්තාන ක්‍රීඩිකා නාසිම් කයිසාබේට පරාජය විය.

ඒ අනුව ඇයට එම බර පංතියේ තෙවන ස්ථානය හිමි විය.

නාසිම් කයිසාබේ විසින් අවසන් තරඟයේ දී ඉන්දියානු බොක්සිං ක්‍රීඩාවේ කාන්තා සලකුණ වූ මේරී කොම්ව පරාජයට පත් කළ අතර නාසිම් ඒ අනුව එම බර පංතියේ රන් පදක්කම දිනා ගැනීමට සමත්විය.

පසුගිය 29 වැනිදා මෙම තරඟය පැවැත්වූ අතර ආසියානු බොක්සිං ශූරතාවලිය සඳහා රටවල් 27ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 300කට ආසන්න පිරිසක් සහභාගී වි තිබුණි.

Rate this item
(0 votes)