May 02, 2024

අතිශයෙන්ම ජනප්‍රිය වූ අබුඩාබි T10 කුසලාන ඊළඟ තරඟාවලිය නොවැම්බර් මාසයේදී

ලෝකය තුළ ඉතාමත් ඉක්මණින් ජනප්‍රියත්වයට පත් අබුඩාබි T10 කුසලාන තරඟාවලියේ 05 වැනි අදියර එළැඹෙන නොවැම්බර් මාසයේ දී පැවැත්වීමට අබු ඩාබි ක්‍රිකට් බලධාරීන් සහ ටෙන් ක්‍රීඩා කලමණකාරීත්වය සුදානම් වෙමින් සිටින බව වාර්තා වෙයි.

නොවැම්බර් මාසයේ 19 වැනිදා සිට දෙසැම්බර් 04 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත මෙම තරඟාවලිය දින 15ක් පැවැත්වෙයි. ගියවර පැවැති තරඟය දින 10ක් පමණක් පැවැත් වූවත් තරඟාවලියේ උද්වේගකර බව නිසා එය තවත් දිර්ඝ කිරීමට කලමණාකාරීත්වය තීරණය කර තිබේ.

මෙම තරඟාවලිය පිළිබඳව අදහස් දක්වමින් ටෙන් ක්‍රීඩා කලමණාකාරීත්වය සඳහන් කර සිටියේ කණ්ඩායම් හතරක් සමඟ 2017 දී ආරම්භ කළ ගමනක් දැන් ලෝක ක්‍රිකට් දින දර්ශනයේ වැදගත් අංගයක් බවට පත්ව ඇති බවයි.

 එවන් අවධියකට තරඟාවලිය පැමිණ තිබීම ආඩම්බරයට කරුණක් බවත් ටෙන් ක්‍රීඩා කලමණාකාරීත්වයේ සභාපති ෂජිඋල් මුල්ක් වැඩිදුරටත් පැවසීය.

මෙම තරඟාවලියේ 04 වැනි අදියර 2020 වසරේ පැවැති කොරෝනා අර්බුදයන් හමුවේ මෙම වසරේ ජනවාරි මාසය දක්වා කල් දැමීමට තිරණය කර තිබුණු අතර එම තරඟාවලිය නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් හටද අවස්ථාව ලැබුණි.

එහිදී පසුගිය තරඟාවලිය ජයග්‍රහණයක කළ නොර්තන් වොරියර්ස් කණ්ඩායම නියෝජනය කළ මහේෂ් තීක්ෂණ සහ ධනංජය ලක්ෂාන් විසින් විශිෂ්ට දස්කම් දැක්වූ අතර තරඟාවලි ජයග්‍රහණයක් ද හිමිකර දුන්නහ.

Rate this item
(0 votes)