May 15, 2024

IPL නතරවීමෙන් පාඩුව කෝටි 2,200 ක්

ඉන්දියාව පුරා සීග්‍රයෙන් පැතිර යන කොවිඩ් වසංගත තත්වය හමුවේ මෙවර අයිපීඑල් තරඟාවලිය අතරමග නතර කිරීමට සිදුවිය.

මේ හේතුවෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට ඉන්දීය රුපියල් කෝටි 2,200 ක පමණ පාඩුවක් සිදුවේ යැයි මේවන විට ගණන් බලා තිබේ.

ලොව ධනවත්ම ක්‍රිකට් ලීගය වන අයිපීඑල් තරඟාවලිය තරඟ 60 ක් පැවැත්වීමට නියමිතව තිබූ අතර ඊයේ තරඟාවලිය නතර කරන අවස්ථාව වන විට පැවැත්වීමට හැකියාව ලැබුණේ තරඟ 29ක් පමණි.

මෙලෙස ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට මූල්‍ය පාඩුවක් සිදුවී ඇත්තේ අයිපීඑල් තරඟ විකාශණය කිරීමේ රූපවාහිණී සමාගමෙන් සහ තරඟාවලියේ අනුග්‍රාහකයින්ගෙන් ලැබිය යුතු මුදලින් අඩක් පමණක් ලැබීම හේතුවෙනි.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 05 May 2021 14:36