April 27, 2024

"ලොකු සනා සහ පොඩි සනා" එකම තරඟයක - තරඟය 04 වැනිදා පල්ලේකැලේදී

ශ්‍රී ලංකා ලෙජන්ස් කණ්ඩායම සහ ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම අතර ක්‍රිකට් තරඟය ලබන 04 වැනිදා පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

20-20 තරඟයක් ලෙස පැවැත්වීමට නියමිත මෙම තරඟය ප්‍රදර්ශණාත්මක තරඟයක් ලෙසින් පැවැත් වේ.

මෙම තරඟය සඳහා ටී.එම් දිල්ශාන්ගේ පැමිනීම අවිනිශ්චිත බැවින් ලෙජන්ස් කණ්ඩායමේ නායකත්වය සුපිරි ක්‍රීඩක සනත් ජයසූරියට හිමිවනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායමේ නායකත්වය දසුන් ශානක විසින් මෙහෙයවනු ලබයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුවේ සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා සඳහන් කළේ මෙම තරඟය ප්‍රේක්ෂක සහභාගිත්වයෙන් තොරව පැවැත්වෙන බවයි.

වර්තමාන ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම මෙම තරඟය නියෝජනය කිරනු ඇතැයි ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

නවක ක්‍රීඩයින් රැසකට මෙම තරඟයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ලැබෙනු ඇතැයි වාර්තා වේ.

ඔවුන්ගේ නම් අතරට මොහොමඩ් සිරාස්, මහේශ් තීක්ෂණ, ශිරාන් ෆ්‍රනෑන්ඩෝ, ධංන්ජය ලක්ෂාන්, විජය කාන්ත් වියස් කාන්ත් යන ක්‍රීඩකයින් ගේ නම් ඇතුලත් වේ.

කුසල් ජනිත් පෙරේරා ද මෙම තරඟයට ක්‍රීඩා කරනු ඇති බවට වාර්තාවේ.

ඔහු මේම තරඟයට ක්‍රීඩා කලහොත් "ලොකු සනා සහ පොඩි සනා " එකම තරඟයක දී ක්‍රීඩා කිරීම ප්‍රේක්ෂකයින්ට දැක බලා ගැනීමට හැකිවනු ඇත.

 

 

Rate this item
(0 votes)