April 27, 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් ධනුෂ්කගේ මොලේ අමාරුවට බේත් දෙන්න තීරණය කරලා

මාතර වැලිගම ප්‍රදේශයේ පැවති සාදයකදී තරුණියකට අතවර කිරීමට ගොස් එම තරුණියගේ ඥාතීන්ගෙන් ගුටි කෑ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුශ්ක ගුණතිලක මනෝ උපදේශන සේවාව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් යොමු කොට ඇති බව වාර්තා වේ.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නම් කරන වෛද්‍යවරුන් යටතේ ධනුෂ්ක ගුණතිලක වසරක කාලයක් මනෝ උපදේශන සේවා සඳහා සහභාගි වි යුතුය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නීතිඥවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් ත්‍රීපුද්ගල කමිටුවක් හරහා පරීක්ෂණයක් සිදු කොට තිබෙන අතර එහිදී ධනුෂ්ක ගුණතිලක එම සිද්ධියට වැරදිකරු බවට තීරණය වී තිබේ.

ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ධනුෂ්ක ගුණතිලකට දැඩි අවවාද කිරීමක් කොට තිබෙන අතර යළිත් මෙවැනි සිද්ධියකට සම්බන්ධ නොවන ලෙසට අවවාදද කොට තිබේ.

ධනුෂ්ක ගුණතිලක ශ්‍රී ලංකා ජාතික එක්දින සහ 20 - 20 කණ්ඩායම් වල ආරම්භක පිතිකරුවෙක් ලෙස ක්‍රීඩා කරන අතර මීට පෙරත් මෙවැනි විනය විරෝධී සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඔහුට අවවාද කොට තිබේ.

Rate this item
(0 votes)
Last modified on Friday, 30 April 2021 10:46