May 04, 2024

මේස පන්දු තරග ශාන්ත ජෝසප් විද්‍යාලයේ දී 

කලම්මු මේයර්ස් කප් සමස්ත ලංකා මේස පන්දු තරගාවලිය පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබූ ස්ථානය නොවැලැක්විය හැකි කරුණක් හේතුවෙන් වෙනස් කිරීමට සිදු ව තිබේ.

කොළඹ ලුම්බිණි විද්‍යාලයේ දී එම තරගය පැවැත්වීමට නියමිත ව තිබූ අතර එය කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

අප්‍රේල් මස 05 වැනි දා සිට 07 වැනි දා දක්වා එම තරග පැවැත් වේ.

ශාන්ත ජෝසප් විද්‍යාලයේ පැවැත්වෙන වාර විභාගය හේතුවෙන් 07 වැනි දා පැවැත්වීමට නියමිත තරග එදින නොපැවැත්වෙන බවත් ඒ සම්බන්ධයෙන් ඇතිවන යම් අපහසුතා සම්බන්ධයෙන් සංවිධායක කමිටුව සමාව අයැද සිටින බවත් වාර්තා වේ.

Rate this item
(0 votes)