May 19, 2024

සුනිල් නාරායන්ගේ පන්දු යැවිම සැක සහිතයි

September 30, 2014
මේ වන විට කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමගින් එක්ව චැම්පියන්ස් ලීග තරගාවලියට ක්‍රීඩාකරමින් සිටින් සුනිල් නාරායන්ගේ පන්දුයැවීමේ ඉරියව්ව සැකසහිත බවට චෝදනාවක් එල්ල වී තිබේ. 
 
කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම හා ඩොල්ෆින්ස් කණ්ඩායම අතර ඊයේ (29දා) පැවැති තරගයෙන් අනතුරුව තරගයේ විනිසුරන් ඔහුගේ පන්දුයැවීමේ ඉරියව්ව සැකසහිත බවට තරගාවලි සංවිධායකයන්ට දැනුම් දී තිබෙන බව ද හින්දු පුවත් සේවය වාර්තා කළේය.
 
චැමිපියන්ස් ලීග් තරගාවලිය සංවිධානය කරන ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සැකසහිත  පන්දු යැවීම් පිළිබඳව පරික්ෂණ පවත්වන කමිටුව ඉදිරියේදී සුනිල් නාරායන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව පරීක්ෂාවට ලක්කරනු ඇත.
Rate this item
(0 votes)