May 19, 2024

කාල්ටන් කුසලානය හම්බන්තොට බ්ලූස් පිලට 

September 29, 2014

හම්බන්තොට බ්ලූස් පිල, පිට පිටම දෙවැනි වරටත් කාල්ටන් කුසලාන පැසිපන්දු තරගාවලියේ I වැනි කාණ්ඩයේ ශූරතාව දිනාගැනීමට සමත්විය.

ඒ හම්බන්තොට බ්ලූස් පිල, කොළඹ පැසිපන්දු පිල ලකුණු 79-55 ක් ලෙස පරාජය කරමිනි. ඒ වෙනුවෙන් ඔවුන්ට රුපියල් ලක්ෂ 2 ක ත්‍යාග මුදලක් හිමිවිය. අනුශූරතාව දිනාගත් කොළඹ පැසිපන්දු පිලට හිමිවූ ත්‍යාග මුදල රුපියල් ලක්ෂයකි.

කොළඹ හෙන්රි පේද්‍රිස් කී‍්‍රඩාංගණයේදී පැවති අවසන් මහ තරගයේ පළමු කාර්තුව නිමාවන විට ලකුණු 22-12 ක් ලෙස ලකුණු 10 ක වාසියක් සමගින් තරගයේ පෙරමුණ ගැනීමට හම්බන්තොට බ්ලූස් පිල සමත්විය.

දෙවැනි කාර්තුව ආරම්භයේ සිටම වේගයෙන් ලකුණු රැස්කිරීමට පටන්ගත් හම්බන්තොට බ්ලූස් කී‍්‍රඩකයෝ එහිදී ලකුණු 23 ලබාගනිද්දී, තරමක පසුබෑමට ලක්වූ කොළඹ කී‍්‍රඩකයන්ට එම කාර්තුවේදී ලබාගත හැකිවූයේ ලකුණු 14 ක් පමණි.

ඒ අනුව ලකුණු 45-26 ක් ලෙස හම්බන්තොට බ්ලූස් පිලට වැඩි වාසි අත්කර දෙමින් තරගයේ පළමු අර්ධය නිමාවට පත්විය.

 

Rate this item
(0 votes)