April 26, 2024

සචිත්‍ර L.P.L පාවා දුන්නාද?

ලංකා ප්රීමියර් ලීග් තරඟාවලිය අතරතුර තරඟ පාවාදීමකට ක්රීඩකයින් දෙදෙනෙකු පොලඹවා ගැනීමට උත්සාහ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශණයන්ට අදාලව හිටපු ක්රිකට් ක්රීඩක සචිත්ර සේනානායක ඊයේ (03) ක්රීඩා වලට සම්බන්ධ වැරදි වැලක්වීමේ විශේෂ පොලිස් විමර්ශණ ඒකකය වෙත කැඳවා තිබුණි.

මේ අනුව සචිත්ර සේනානායක තම නීතීඥයා සමඟින් කොළඹ සුගතදාස ක්රීඩා සංකීර්ණයේ පිහිටා තිබෙන අදාල ඒකකය හමුවේ පෙනී සිටියහ.

මීට පෙර අවස්ථාවන් කිහිපයකදීම සචිත්රට විශේෂ පොලිස් ඒකකය හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබුණත් කිසිදු අවස්ථාවකදී ඔහු පෙනී සිටියේ නැත.

 ඔහුට එල්ල වී ඇති චෝදනාව වන්නේ L.P.L තරාඟාවලියේදී ශ්රී ලංකා හිටපු ක්රීඩකයෙකු සහ යොවුන් දඟ පන්දු යවන ක්රීඩකයෙකු වංචා සහ දූශණ කටයුත්තක් සඳහා පොළඹවා ගැනීමට දුරකථනය ඔස්සේ උත්සාහ කිරීමයි.

එම අවස්ථාවේදී අදාල ක්රීඩකයින් විසින් ශ්රී ලංකා ක්රිකට් ආයතන වංචා සහ දූශණ විමර්ශණ නිලධාරීන්ට සහ ජගත් ක්රිකට් කවුන්සිලයට ද පැමිණිලි කිරීමට පියවර ගනු ලැබිය.

2019 අංක 24 දරණ ක්රීඩා වලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනතට අනුව විශේෂ පොලිස් ඒකකය මගින් විමර්ශණයක් ආරම්භ කළේ මින් අනතුරුවය.

විමර්ශණයට අදාලව L.P.L තරඟාවලියට ක්රීඩා කළ ක්රීඩකයින් දෙදෙනාගෙන්ද ප්රකාශ සඳහන් කරගන්නටත් එම නිලධාරීන් මීට පෙර කටයුතු කර තිබිණි.

මේ අනුව සචිත්ර සේනානායකගෙන් පැය 8 ක පමණ දීර්ඝ ප්රකාශයක් සටහන් කරගෙන තිබිණි. පිටතට පැමිණි සචිත්රගෙන් මාද්යවේදීන් කරුණු විමසූ අතර ඔහු කිසිවක් නොපවසා එම ස්ථානයෙන් පිටව ගියහ.

Rate this item
(0 votes)