April 26, 2024

“දවස් 3ක් මහන්සි වෙලා ඊළඟ දවස අත ඇරලා දැම්මා” - ටෙස්ට් තරගය පරාද වීම ගැන මිකී කියන කතාව

ශ්‍රී ලංකාව සහ සංචාරක එංගලන්ත කණ්ඩායම අතර ටෙස්ට් තරඟාලියේ ජය 0-2ක් ලෙස හිමි කර ගැනීමට සංචාරක එංගලන්ත කණ්ඩායම සමත් වූයේ ඊයේ (25) ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති ටෙස්ට් තරගයෙන් කඩුළු 6ක ජයක් ලබා ගැනීමත් සමඟයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් තරඟාවලිය පරාජයට පත්වීම සම්බන්ධයෙන් සිය අදහස් පළ කර තිබුණි.

එහිදී ඔහු විසින් කියා තිබුණේ දවසක් 03ක් හොඳින් සැලැසුම් සහගතව ක්‍රීඩා කළ බවත් තරගයේ සියලු වාසි සහගත තත්ත්වයන් ශ්‍රී ලංකා කණ්ඩායම වෙත තිබු බවත් ඔහු පැවසීය. නමුත් ශ්‍රී ලංකා දෙවනි ඉනිම ක්‍රීඩා කිරීම ආරම්භ කළ පසු සියල්ලම ගිලිහී යන්නට ඉඩ දුන් බවද මිකී විසින් පවසා තිබුණි.

තමන් ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කණ්ඩාය දෙසට ඇඟිල්ල දිගු කරන බවද මිකී ආතර් පවසා සිටියේය. 

ප්‍රතිවාදී කණ්ඩායමට දැඩි පීඩනයක් එල්ල වී තිබුණු නමුත් එහි වාසිය ශ්‍රී ලංකා කණ්ඩායම ලබා නොගත් බවද ඔහු සඳහන් කළේය. මෙවනි දෙයක් සිදුකළ මුල් අවස්ථාව මෙය නොවන බවද මිකී විසින් සඳහන් කර තිබුණි.

ශ්‍රී ලංකාව 04 වන දිනයේ දී සිය දෙවනි ඉනිම ආරම්භ කරන අවස්ථාවේ පළමු ඉනිමේ මෙන් ක්‍රීඩා කරන ලෙස පැවසුවත් එය එසේ නොවුණු බවද මිකී සඳහන් කර තිබුණි. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් මිකී ආතර් සඳහන් කර සිටියේ සැලැසුම් කර තිබූ ආකාරය කිසිදු පිතිකරුවෙකු ක්‍රීඩා නොකළ බවයි.

මෙසේ සිදුවන හේතුව තමා විසින් සොයාගත යුතු බවත්, ඒ පිළිබඳව ක්‍රීඩකයන් සමඟ සාකච්ඡා කළ යුතු බවත් මිකී විසින් වැඩිදුරටත් සඳහන් කර තිබුණි.

Rate this item
(0 votes)