April 26, 2024

අශ්වින් සහ පුජාරා එංගලන්ත දඟ පන්දු යවන්නන්ට ප්‍රසිද්ධියේ ඔට්ටු දමයි

ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින් විසින් එම කණ්ඩායමේ සුපිරි පිතිකරු චෙටේශ්වර් පුජාරා සමඟ ප්‍රසිද්ධ ඔට්ටුවක් දමා තිබේ.

මෙහිදී අශ්වින් විසින් පුජාරා හට විවෘත අභියෝගයක් කර ඇති අතර එම අභියෝගය වන්නේ ඕනෑම එංගලන්ත දඟ පන්දු යවන්නෙකුට පිටියට ඉහළින් පහරක් එල්ල කිරීමයි.

මෙහිදී එළැඹෙන එංගලන්ත කණ්ඩායමේ ඉන්දීය සංචාරයේ දී එංගලන්ත කණ්ඩායමේ ඕනෑම දඟ පන්දු යවන්නෙකු හට ඉදිරිය පාදයට පැමිණ පිටියට ඉහළින් පහර ගසන්නට හැකි වුවහොත් තමා විසින් තමන්ගේ උඩු රැවුලේ කොටසක් පමණක් කපා ක්‍රීඩා කරන බවට අශ්වින් විසින් පවසා තිබේ.

පුජාරා ආක්‍රමණශීලි ඉනිමක් ක්‍රීඩා නොකරන බවට බොහෝ දෙනාගෙන් චෝදනා එල්ල වූවද, පසුගිය ඕස්ට්‍රේලියානු තරඟ සංචාරයේ තීරණාත්මක තරගය වූ ගැබා තරඟයේ දී ප්‍රබල ඉනිමක් ක්‍රීඩා කරන්නට පුජාරා සමත් විය. බොහෝ ඉන්දීය ක්‍රීඩකයන් ඔහුව කඩුල්ල ඉදිරියේ සිට වූ කොන්ක්‍රීට් කණුවක් යැයිද හැඳින් විය.

ගැබා ක්‍රීඩාංගණයේ දී ඕස්ට්‍රේලියාවේ පැවැති අවසන් තරගයේ දෙවැනි ඉනිමේ දී පුජාරා විසින් පන්දු 211කට මුහුණ දී ලකුණු 56ක් රැස් කර ගැනීමට සමත්විය. එහිදී කිහිප අවස්ථාවක්ම පන්දුව ඇඟ වැදීම නිසා වේදනාවට පත් වුණද ඔහු ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් ඉදිරියේ නොසැලී සිටි බවටද ප්‍රේක්ෂකයන් විසින් පවසා තිබුණි.

ඕස්ට්‍රේලියානු තරඟ සංචාරයේ දී නෙතන් ලියෝන් වැනි දඟ පන්දු යවන්නෙකු හට පහර දීමට හැකියාව තිබියදී ඔහු සමහර පන්දු මඟ හැරි අවස්ථාවන් ගැන අශ්වින් සඳහන් කර තිබුණු අතර එම අවස්ථාවල තමන් කෝපයට පත් වූ බවත් එහෙත් පසුව පුජාරා ඒ ක්‍රීඩා කරන විලාසය බවත් ඔහු ආකාරයට වෙන අයෙකුට පන්දුවට පහර දීමට නොහැකි බවත් අශ්වින් තේරුම් ගත් බව පවසා තිබුණි.

එළැඹෙන පෙබරවාරි 05 වෙනිදා එංගලන්තය ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිතව ඇති අතර එහිදී ටෙස්ට් තරඟ 4ක් පැවැත්වීමට නියමිතව ඇති අතර පුජාරා සහ අශ්වින් දෙදෙනාම තරඟ කිරීමට නියමිතව ඇත.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 26 January 2021 10:22