April 27, 2024

“0” ගහපු කුසල් මෙන්ඩිස් වෙනුවට ගෙනාපු ඕෂධ ප්‍රනාන්දුත් “0”ට දැවී යයි

අද  (22) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා අතර දෙවන ටෙස්ට් තරඟය ආරම්භ විය.

මෙහිදී පසුගිය තරඟය තුළ අසාර්ථක වු කුසල් මෙන්ඩිස් ව විවේක ගන්වා තිබුණු අතර ඒ සඳහා ඕෂධ ප්‍රනාන්දු කණ්ඩායමට කැඳවා තිබුණි.

තරඟය ආරම්භයේ දීම ශ්‍රී ලංකා කණ්ඩායමට පීඩනයක් එල්ල වූ අතර මුළු ලකුණු 7ක්ව තිබියදී කඩුළු 2ක් දවා ගන්නට එංගලන්ත සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ජීමි ඇන්ඩ්‍රසන් සමත් විය.

ඔහු විසින් කුසල් පෙරේරාගේ කඩුල්ල මෙන් ඕෂධ ප්‍රනාන්දුගේ ද කඩුල්ල දවා ගැනීමට සමත් විය.

මෙහිදී කුසල් මෙන්ඩිස් වෙනුවට කැඳවූ ඕෂධ ප්‍රනාන්දුට මුහුණ දීමට සිදු වුයේ පන්දු 4ක් පමණක් වන අතර කිසිදු ලකුණක් ලබා ගැනීමට පෙර ඔහුව නැවත ක්‍රීඩාගාරයට හරවා යැවීමට ජීමි ඇන්ඩ්‍රසන් සමත්විය.

Rate this item
(0 votes)