April 26, 2024

අජින්ක්යා රහනේ නායකත්වයට උපන්නෙක් - කෝලිට වඩා දක්ෂයෙක් : විචාරකයන්ගෙන් පැසසුම්

ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට විරාත් කෝලිට වඩා අජින්ක්යා රහනේ සුදුසු බව ජාත්‍යන්තර ක්‍රිකට් විචාරකයන්ගේ මතය වී තිබේ.

සිය කුළුදුල් දරුවා අපේක්ෂාවෙන් මේ වන විට ක්‍රිකට් ක්‍රීඩාවට තාවකාලිකව සමුදී තිබෙන කෝලි වෙනුවට ඉන්දිය පිලට නායකත්වය දෙන්නේ රහනේය.

මේ විදියට ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන ඉන්දීය ඔස්ට්‍රේලියා ටෙස්ට් තරගාවලියේදී ඉන්දියාව අන්ත පරාජයක් ලැබීමෙන් පසු කෝලි යළි ඉන්දියා බලා පැමිණි අතර කණ්ඩායමේ නායකත්වය රහනේට හිමි විය.

ඉන්පසුව පැවති තරඟය විශිෂ්ට ලෙස මෙහෙයුම් රහනේ ඉන්දියාවට ජයග්‍රහණය අත් කර දුන් අතර ඒ අන්ත පරාජයකින් පසු කණ්ඩායමක් යළි ලැබූ විශිෂ්ටතම ක්‍රිකට් ජයක් ලෙස විචාරකයින් පෙන්වා දෙයි.

එම තරඟයේදී ශතකයක් ලබා ගනිමින් රහනේ නායකත්වයේ වගකීම ද මැනවින් ප්‍රදර්ශනය කරන ලදි.

ඉන්පසුව පැවති තුන්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදීද තරඟය ජය පරාජයෙන් අවසන් කිරීම සඳහා කණ්ඩායමට මග පෙන්වීමට රහනේ සමත්විය.

හිටපු ඔස්ට්‍රේලියානු ක්‍රිකට් නායකයකු වන ඉයන් චැපල් ලිපියක් ලියමින් සඳහන් කරන්නේ රහනේ කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයන් ගේ ගෞරවය දිනාගත් නිර්භීත, බුද්ධිමත්, උපක්‍රමශීලී කලබලයෙන් තොර නිහඬ දක්ෂ නායකයෙකු බවය.

2017 දී ඉන්දියාවේ ධර්මශාලාහිදී පැවති ඉන්දියා ඕස්ට්‍රේලියා ටෙස්ට් තරගයේදී රහනේ ඉන්දියාව විශිෂ්ට ජයග්‍රහණයක් කරා මෙහෙය වූ අයුරු සිය ලිපියෙන් සිහිපත් කරන ඉයන් චැපල් රහනේ කණ්ඩායම්වල නායකත්වය දැරීමටම උපන්නෙකු බව ද හඳුන්වා දෙයි.

විරාත් කෝලි ඉන්දියාවේ ටෙස්ට්, එක්දින හා T20 යන සියලුම කණ්ඩායම්වල නායකයා ලෙස කටයුතු කළ ද ඔහු බොහෝ විට කලබලකාරී ආවේගශීලී ක්‍රීඩකයකු  බව ක්‍රියාවෙන් ම පෙන්වා දී ඇත.

මේ වන විට 32 වැනි වියේ පසුවන රහනේ ටෙස්ට් තරග 68 කදී ලකුණු 4410 රැස්කරමින් සාමාන්‍ය 42.81 රදවාගෙන සිටින දක්ෂ පිතිකරුවෙකු ද වේ.

Rate this item
(0 votes)