April 27, 2024

"රවිචන්ද්‍රන් අශ්වින්ට මගේ කඩුළු 800 වාර්තාව කඩන්න පුළුවන්" - ලංකාවේ හිටපු සුපිරි දඟ පන්දු යවන්නා මුරලිගෙන් අනාවැකියක්

රවිචන්ද්‍රන් අශ්වින්ට සිය කඩුළු 800 වාර්තාව බිඳ දැමිය හැකි බවට ලෝකයේ බිහි වූ සුපිරි දඟපන්දු යවන්නෙකු මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසය තුළ බිහි වූ සුපිරිම දඟ පන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන් විසින් පවසා තිබේ.

තමන් විසින් පිහිටවා තිබෙන ටෙස්ට් කඩුළු 800 වාර්තාව අශ්වින්ට බිඳ දැමිය හැකි බව පවසන මුත්තයියා වැඩිදුරටත් පවසා සිටියේ ඕස්ට්‍රේලියානු දඟ පන්දු යවන්නෙකු වන නේතන් ලියොන් හට එය කළ නොහැකි බවද පවසා තිබේ.

34 වැනි වියේ පසුවන අශ්වින් මේ වන විට ටෙස්ට් තරඟ 74ක් ක්‍රීඩා කර ඉනිම 138ක් තුළ කඩුළු 377ක් දවාගෙන තිබේ. ඒ සාමාන්‍ය 25.54ක අගයක් රඳවා ගනිමිනි.

33 වැනි වියේ පසුවන නෙතන් ලියොන් විසින් ටෙස්ට් තරඟ 99ක් ක්‍රීඩා කර ඉනිම 189ක් තුළ කඩුළු 396ක් රැස් කරගෙන තිබෙන්නේ සාමාන්‍ය 31.98ක අගයක් රඳවා ගනිමිනි.

මුරලි පෙන්වා දෙන්නේ නෙතන් විසින් ඔහුගේ වාර්තාවන් පිහිට වීමට සෑහෙන්න කාලයක් ගත කර ඇති බවයි.

අශ්වින්ට අවස්ථාවක් ලැබෙන්නේ ඔහු විශිෂ්ට පන්දු යවන්නෙකු වන නිසා බවද මුරලි විසින් පවසා ඇති අතර ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබුණේ ඒ හැරෙන්නට තමා විසින් වෙන කිසිම තරුණ පන්දු යවන්නෙක් කඩුළු 800 යේ සීමාවට පැමිණෙනු ඇතැයි නොසිතන බවයි.

නේතන් ලියොන් හට එම ඉලක්කය කරා ළඟා වීමට අපහසු බවද මුරලි පවසා තිබේ.

මුරලි විසින් එක්සත් රාජධානියේ ටෙලිග්‍රාෆ් පුවත්පත සමඟ සාකච්ඡාවකට එක්වෙමින් පවසා තිබුණේ  නෙතන් හට කඩුළු 400 ට ආසන්න නමුත් ඔහුට බොහෝ තරග ක්‍රීඩා කිරීමට සිදුවී ඇතිබවද පවසා තිබේ.

Rate this item
(0 votes)